තරුණියක් අපයෝජනය කිරීමේ චෝදනාව මත යුද හමුදා නිලධාරියෙකු ඊයේ (11) රාත්‍රියේ දඹුල්ල පොලීසිය අත්අඩංගුවට ගෙන තිබෙනවා.
අනුරාධපුර ගජබා රෙජිමේන්තුවට අයත් එම නිලධාරියා නුවරගල – සිරිපුර ප්‍රදේශයේ පදිංචි තරුණියක් ගලේවෙල – දේවහූය ප්‍රදේශයේ ස්ථානයකදී මෙම අපයෝජනය සිදු කර ඇති බවයි පොලීසිය සදහන් කළේ.
එම ස්ථානයට ඇය රැගෙන ගිය ලොරි රථය ද පොලිස් භාරයට ගෙන තිබෙනවා.
සැකකාර හමුදා සෙබලා අද (12) දඹුල්ල මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි.
