Gossips

තරුණයෙකු මියයෑමේ සිද්ධියකට කලවානේ විරෝධතාවක්

කලවාන – රත්නපුර ප්‍රධාන මාර්ගයේ කලවාන – ධම්මරතන මාවත මංසන්ධියෙන් අවහිර කරමින් ප්‍රදේශවාසීන් පිරිසක් විරෝධතාවක නිරතවුණා.
ඒ, පහරදීමේ සිද්ධියක් හේතුවෙන් ප්‍රදේශයේ තරුණයෙකු මියයාමේ සිද්ධියකට සම්බන්ධ සැකකරුවන් අත්අඩංගුවට ගැනීමට නිවිතිගල පොලීසිය කටයුතු නොකළ බව පවසමින්.
මීට දින 3 කට පෙරදී මෙම පහරදීම සිදුවී ඇති අතර, එහිදී බරපතල තුවාල ලැබූ තරුණයා ඊයේ ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.