ගල්කිස්ස ප්‍රදේශයේ පිහිටි ආහාර අලෙවි ආයතනයක විදුලි සෝපානයක සිරවී සිදුවූ අනතුරකින් තරුණයෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.
අද (14) අලුයම මෙලෙස මියගොස් ඇත්තේ බටපොල – ඉලුක්පිටිය ප්‍රදේශයේ පදිංචි 22 හැවිරිදි තරුණයෙකු බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය සඳහන් කළේ.
ඔහුගේ මෘත ශරීරය මේ වනවිට කළුබෝවිල ශික්ෂණ රෝහලේ මෘත ශරීරාගාරයේ තැන්පත් කර තිබෙනවා.
