Gossips

තරුණයින් 11 ක් පැහැර ගෙන යාමේ සිද්ධියට නාවික හමුදාවේ තවත් දෙදෙනෙකු අත්අඩංගුවට

2008 වසරේ කොළඹදී තරුණයන් 11 දෙනෙකු පැහැර ගෙන යාමේ සිද්ධිය සම්බන්ධයෙන් තවත් නාවික හමුදා නිලධාරින් දෙදෙනෙකු, රහස් පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ සුළු නිලධාරි හිඹුලාන ලියනගේ උපුල් චමින්ද නමැති නිලධාරියා සහ නාවික නැවි සංජීව සේනානායක නමැති නිලධාරියායි.
තරුණයන් පැහැර ගැනීම, ඝාතනය සඳහා අනුබල ලබාදීම, ඇතුළු තවත් චෝදනා කිහිපයක් යටතේ මොවුන් අත්අඩංගුවට ගත් බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය සඳහන් කළේ.