දුම්මලසුරිය ප්‍රදේශයේදී සිදුවූ යතුරුපැදි අනතුරකින් තරුණයන් 3 දෙනෙකු ජීවිතක්ෂයට පත්වී තිබෙනවා.
ඊයේ රාත්‍රී 12.30 ට පමණ අනතුර සිදුවී ඇත්තේ මාදම්පේ කුලියාපිටිය මාර්ගයේ උඩුබද්දාව ප්‍රදේශයේදීයි.
මියගොස් ඇත්තේ අවුරුදු 18 සහ 19 වයස්වල පසුවු 3 දෙනෙක්.
ඔවුන් උඩුබද්දාව ප්‍රදේශයේම පදිංචිකරුවන් බවයි පොලිසිය කියාසිටියේ.
මාදම්පේ දෙසට ධාවනය වූ යතුරුපැදියක් එම දෙසටම ඉදිරියෙන් ධාවනය වූ යතුරුපැදියක් පසු කර යාමට උත්සාහ කිරීමේදී අනතුර සිදුවී ඇතැයි සඳහන්.
එක් යතුරුපැදියක වම් පස පැති කණ්නාඩියක් අනෙක් යතුරුපැදියේ පසුපැදිකරුගේ අතේ ගැටීමෙන් එම යතුරුපැදිය පාලනය කර ගැනීමට නොහැකිව මාර්ගයෙන් ඉවතට පැන ගසක ගැටී අනතුර සිදුව තිබෙනවා.
මියගිය තරුණයන්ගේ මළ සිරුරු කුලියාපිටිය රෝහලේ තැන්පත් කර තිබෙනවා.
පශ්චාත් මරණ පරීක්ෂණ අද පැවැත්වීමට නියමිතයි. දුම්මලසුරිය පොලිසියයි විමර්ශණ මෙහෙයවන්නේ.
