2008 – 2009 කාලසීමාවේදී තරුණයන් 11 දෙනෙකු කොළඹ දී පැහැර ගැනීමේ සිද්ධියේ තරුණයින් 3 දෙනෙකුට වධ හිංසා පමුණුවා ඝාතනය කිරීමේ චෝදනා යටතේ නාවික හමුදා සෙබලෙකු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ඊයේ අත්අඩංගුවට ගෙන තිබෙනවා.
පොලිස් මාධ්‍ය ප්‍රකාශක, පොලිස් අධිකාරී රුවන් ගුණසේකර කියා සිටියේ කන්කසන්තුරේ නාවික හමුදා කදවුරට අනුයුක්තව සේවය කරමින් සිටි නාවික හමුදා සෙබලෙකු මෙලෙස අත්අඩංගුවට ගෙන ඇති බවයි.
මෙම තරුණයින් 11 දෙනා පැහැර ගැනීමේ සිද්ධියේ සැකකරුවෙකු වන හිටපු ලූතිනන් කමාන්ඩර් චන්දන ප්‍රසාද් හෙට්ටිආරච්චිට රැකවරණ ලබාදුන් බවට ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී රවීන්ද්‍ර විජේගුණරත්නට ද චෝදනා එල්ල වනවා.