තරුණයන් 11 දෙනෙකු පැහැර ගෙන ගොස් අතුරුදන් කිරීමේ සිද්ධියට අත්අඩංගුවට ගැණුනු නාවික හමුදා ලූතිනන් කමාන්ඩර් චන්දන ප්රසාද් හෙට්ටිආරච්චි ඇතුළු සැකකරුවන් තුන් දෙනෙකු මේ මස 23 වැනිදා දක්වා අද යළි රක්ෂිත බන්ධනාගාරගත කෙරුණා.
ඒ, සැකකරුවන් කොළඹ කොටුව වැඩබලන මහේස්ත්රාත් ප්රියන්ත ලියනගේ හමුවට ඉදිරිපත් කිරීමෙන් අනතුරුවයි.
එහිදී සැකකරුවන් හඳුනා ගැනීමේ පෙරට්ටුවකට ඉදිරිපත් කෙරුණු අතර, මෙම නඩුවේ 12 වන සැකකරු වන නාවික නැවි උපුල් චමින්ද නොහොත් තන්නච්චි නැමැත්තා අතුරුදන් වූ තරුණයින්ගේ මවක සහ ඥාති සහෝදරියක විසින් හඳුනාගනු ලැබුවා.
ඒ අනුව ඔහු 23 වැනිදා සැකකරු යළි හඳුනා ගැනීමේ පෙරට්ටුවකට ඉදිරිපත් කරන ලෙසද මහේස්ත්රාත්වරයා මෙහිදී නියෝග කළා.
