Gossips

තරුණයන් පැහැරගැනීමේ සිද්ධියට අත්අඩංගුවට ගත් හිටපු නාවික හමුදා නිලධාරියා රිමාන්ඩ්

ඝාතන සහ පැහැරගැනීම් චෝදනා සම්බන්ධයෙන් ඊයේ අත්අඩංගුවට ගත් හිටපු ලූතිනන් කමාන්ඩර් චන්දන ප්‍රසාද් හෙට්ට්ආරච්චි ලබන 29 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කර තිබෙනවා.
ඒ, කොටුව මහේස්ත්‍රාත් ලංකා ජයරත්නගේ නියෝගයකට අනුවයි.
2008 – 2009 වසර වලදී කොළඹ දී තරුණයන් 11 දෙනෙකු පැහැර ගෙන ගොස් අතුරුදන් කිරිම, ඔවුන් රදවා තබා ගනිමින් කප්පම් ලබා ගැනිම යන චෝදනා යටතේ මොහුට එරෙහිව නඩු පවරනු ලැබුවා.
එමෙන්ම හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී නඩරාජා රවිරාජ් ඝාතන සිද්ධිය සම්බන්ධයෙන් ද මොහුට එරෙහිව චෝදනා එල්ල වී ඇති බවයි අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ප්‍රකාශ කළේ.
පෙරේදා අත්අඩංගුවට ගත් සැකකරු ඊයේ අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු අද දිනය දක්වා රඳවාගෙන ප්‍රශ්න කිරීමට පොලීසියට අවසර හිමිවුණා.