පානදුර සහ කළුතර ක්‍රීඩා සමාජවලට එරෙහි තරඟ පාවාදීමේ චෝදනා සම්බන්ධයෙන් ස්වාධීන පරීක්ෂණයක් පැවැත්වීමට ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු රෝහිනී මාරසිංහට ආරාධනා කර තිබෙනවා.
ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය ප්‍රකාශ කළේ එහිදී ක්‍රිකට් ආයතනය මෙන්ම ක්‍රීඩා අමාත්‍යාංශය සිදුකළ විමර්ශන වාර්තා අධ්‍යයනය කර දඩුවම් නිර්දේශ කිරීම සිදුකෙරෙන බවයි.
