Gossips

තරඟ පවාදීම සම්බන්ධයෙන් අල් ජසීරාවෙන් තවත් ආන්දෝලනාත්මක හෙළිදරව්වක්

ක්‍රිකට් තරඟ පවාදීම සම්බන්ධයෙන් අල් ජසීරා මාධ්‍ය ආයතනය තවත් ආන්දෝලනාත්මක හෙළිදරව්වක් සිදුකර තිබෙනවා.
අනිල් මුනාවර් නම් ඉන්දීය බුකිකරුවෙකු විසින් 2011 සහ 2012 වර්ෂයන් වලදී මුදලට තරඟ පාවාදීමේ මෙමඟින් හෙළිකර තිබෙනවා.
අනිල් මුනාවර් නම් බුකිකරු ඉන්දීය ක්‍රීඩකයින් වන විරාත් කෝලි, රෝහිත් ෂර්මා, ලක්ෂ්මිපති බාලාජි සහ අනිල් මුනාවර්ගේ සහයකයෙක් ද වනවා.
අල් ජසීරා මාධ්‍ය ආයතනය වැඩිදුරටත් සදහන් කරන්නේ මෙම ක්‍රීඩකයින් ඔට්ටු තබන්නන් සමඟ සෘජු සම්බන්ධකම් පැවැත්වූ බවට වන හෙළිදරව්වක් නොමැති බවයි.
මේත් සමඟ තරඟ පාවාදීමේ සිදුවූ බව කියන ජාත්‍යන්තර තරඟ ලැයිස්තුවක්ද අල් ජසීරා විසින් ප්‍රසිද්ධියට පත්කර තිබීම විශේෂත්වයක්.
මෙම ලැයිස්තුවට 2012 වසරේදී ශ්‍රී ලංකාවේ පැවති විස්සයි විස්ස ලෝක කුසලාන තරඟාවලියේ ශ්‍රී ලංකාව සහ සිම්බාබ්වේ කණ්ඩායම අතර පැවති තරඟය ද ඇතුළත්.
තරඟ පාවාදීම් සිදුවූ බව කියන තරඟ පිළිබද විස්තර පහතින්
1. ඕස්ට්‍රේලියාව සහ එංගලන්තය අතර එක්දින තරඟය (21.01.2011)
2. ඕස්ට්‍රේලියාව සහ සිම්බාබ්වේ අතර එක්දින තරඟය – ලෝක කුසලාන තරඟාවලිය (21.02.2011)
3. එංගලන්තය සහ නෙදර්ලන්තය අතර එක්දින තරඟය – ලෝක කුසලාන තරඟාවලිය ( 22.02.2011)
4. ඕස්ට්‍රේලියාව සහ කෙන්යාව අතර එක්දින තරඟය – ලෝක කුසලාන තරඟාවලිය (13.03.2011)
5. එංගලන්තය සහ දකුණු අප්‍රිකාව අතර එක්දින තරඟය – ලෝක කුසලාන තරඟාවලිය (06.03.2011)
6. එංගලන්තය සහ බංග්ලාදේශය අතර එක්දින තරඟය -ලෝක කුසලාන තරඟාවලිය (11.03.2011)
7. එංගලන්තය සහ ඉන්දියාව අතර ටෙස්ට් තරඟය (21-25.07.2011)
8. දකුණු අප්‍රිකාව සහ එංගලන්තය අතර ටෙස්ට් තරඟය (09-11.11.2011)
9. ඕස්ට්‍රේලියාව සහ නවසීලන්තය අතර ටෙස්ට් තරඟය (09-12.12.2011)
10. එංගලන්තය සහ පාකිස්ථානය අතර ටෙස්ට් තරඟය ( 17-19.01.2012)
11.එංගලන්තය සහ පාකිස්ථානය අතර ටෙස්ට් තරඟය ( 25-28.01.2012)
12. එංගලන්තය සහ පාකිස්ථානය අතර ටෙස්ට්තරඟය (03-06.02.2012)
13. ශ්‍රී ලංකාව සහ සිම්බාබ්වේ අතර විස්සයි 20 තරඟය – 20-20 ලෝක කුසලාන (18.09.2012)
14. එංගලන්තය සහ ඇෆ්ගනිස්ථානය අතර විස්සයි 20 තරඟය – 20-20 ලෝක කුසලාන (21.09.2012)
15. දකුණු අප්‍රිකා සහ පාකිස්ථානය අතර විස්සයි 20 තරඟය – 20-20 ලෝක කුසලාන (28.09.2012)