Gossips

තරඟ දෙකක් රයිනාට ගිලිහෙයි

මෙවර ඉන්දීය ප්‍රිමිය ලීග් තරඟාවලියේ චෙන්නායි සුපර් කිංග්ස් කණ්ඩායම නියෝජනය කරන ඉන්දීය ක්‍රීඩක සුරේෂ් රයිනා හට චෙන්නායි කණ්ඩායම තරඟ කරන ඉදිරි තරඟ දෙක අහිමි වී තිබෙනවා.
රයිනාගේ පදයේ ඇතිවූ අබාධයක් හේතුවෙන් ඔහුට ඉදිරි තරඟ දෙක අහිමි වන බවයි ඉන්දීය මධ්‍ය වාර්තා කරනේ.
පසුගිය 10 වනදා කොල්කටා නයිට් රයිඩස් කණ්ඩායම අතර පැවති තරඟයේදී ඔහු අබාධයකට ලක් වුණා.
ඒ අනුව ලබන15 වනදා කිංග්ස් ඉලවන් පන්ජාබ් කණ්ඩායම සමඟ තරඟය සහ ලබන 20 වනදා රාජස්ථාන් රෝයල්ස් කණ්ඩායම අතර තරඟ දෙක ඔහුට අහිමිවනු ඇති.
සුරේෂ් රයිනා වෙනුවට චෙන්නායි සුපර් කිංග්ස් කණ්ඩායමට මුරලි විජේ කැඳවනු ඇති බවටයි විචාරකයින් මත පල කරන්නේ.
විචාරකයින් වැඩිදුරටත් පවසන්නේ යම් හෙයකින් මුරලි විජේ චෙන්නායි කණ්ඩායමට කැඳවුවහොත් ඔහු ආරම්භක පිතිකරුවෙකු ලෙස කටයුතු කරන අතර චෙන්නායි පිළ මේවන විට ක්‍රීඩා කළ තරඟ දෙකේ ආරම්භ පිතිකරුවෙකු ලෙස කටයුතු කළ අම්බති රයිදුට පිතිකරණ ලැයිස්තුවේ අංක එක පිතිකරුගේ භූමිකාව පැවරෙනු ඇති බවයි.