අන්තර්ජාතික කි‍්‍රකට් කවුන්සිලය මගින් තරඟ තහනමකට ලක් කළ සෆ්රාස් අහමඩ් එළඹෙන ලෝක කුසලානය සඳහා පාකිස්ථාන කණ්ඩායමේ නායකත්වයට පත්කර තිබෙනවා.
පසුගිය ජනවාරි මාසයේ දකුණු අප්‍රිකාව සමඟ පැවති ටෙස්ට් තරඟාවලියේදී පන්දු රකිමින් සිටියදී සිදුකළ විනය විරෝධී ප්‍රකාශය හේතුවෙන් ඔහුට තරඟ 4 ක තහනමක් පැනවීමටයි අන්තර්ජාතික ක්‍රිකට් කවුන්සිලය තීරණය කළේ.
කෙසේ වෙතත්, එම තනහම පාකිස්ථාන ක්‍රිකට් පාලක මණ්ඩලය විසින් ප්‍රතික්ෂේප කළ අතර, අන්තර්ජාතික ක්‍රිකට් කවුන්සිලයේ එම තීරණයට ප්‍රතිචාර දැක්වීමක් ලෙස යළි සෆ්රාස් අහමඩ් පාකිස්ථාන නායකත්වයට පත් කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කළා.