Gossips

තරඟයෙන් පසු අමුතු පොස්ට් ෆේස්බුක් දාපු ක්‍රිකට් තරු තුනකට තරඟ තහනමක්

සමාජ මාධ්‍ය ඔස්සේ ක්‍රිකට් පාලක මණ්ඩලය විවේචනය කළ ක්‍රීඩකයන් තිදෙනෙකුට තරඟ තහනමක් පැනවූ පුවතක් විදෙස් මාධ්‍ය වාර්තා කර තිබෙනවා.
අදාළ සිදුවීම වාර්තා වන්නේ එක්සත් අරාබි එමීර් රාජ්‍යයෙන්.
පසුගියදා ආසියානු නැගී එන කණ්ඩායම් තරඟමලාවේදී ඇතිවූ සිදුවීමක් මුල්කරගෙනයි මෙලෙස එරට ක්‍රිකට් කණ්ඩායමේ ක්‍රීඩකයන් තිදෙනෙකුට තරඟ තහනමක් පනවා ඇත්තේ.
එහිදී කරච්චි නුවර පැවති තරඟයක් වර්ෂාව හේතුවෙන් එම තරඟය අත්හැරදැමීමට සිදුවුණා.
අනතුරුව මෙලෙස තරඟ තහනමට ලක්වූ ක්‍රීඩකයන් තිදෙනා විසින් සිය සමාජ මාධ්‍ය ගිණුම් ඔස්සේ පාකිස්තානයේ ක්‍රිකට් පාලක මණ්ඩලය විවේචනය කර තිබෙනවා.
එම ක්‍රීඩකයන් විවේචන සිදුකරමින් පවසා ඇත්තේ පාකිස්ථාන ක්‍රිකට් පාලක මණ්ඩලය ක්‍රීඩාංගණවල ගුණාත්මක භාවය රැක ගැනීමට අපොහොසත් වී ඇති බවයි.
මේ අනුව එමීර් කණ්ඩායමේ නායක රොහාන් මුස්තපා සමඟ රමීස් ශේහාර්ඩ් සහ අහමඩ් රාසා යන ක්‍රීඩකයන්ට මාස දෙකක කාලයක් ක්‍රිකට් තරඟ තහනමක් පනවා තිබෙනවා.
මේ අතර අදාළ ක්‍රීඩකයන්ට එරෙහිව විනය ක්‍රියාමාර්ග ගැනීමට ද නියමිත බවයි එරට ක්‍රිකට් පාලක මණ්ඩලය වැඩිදුරටත් පවසා ඇත්තේ.