Gossips

තරඟයෙන් පස්සේ සුපිරි පුහුණුකරුට කේන්ති යයි

ශ්‍රී ලංකාව වෙතින් සිය දරුණුතම එක්දින පරාජය ලැබූ එංගලන්ත පිළේ ක්‍රීඩකයන් පුහුණුකරු ටෙ‍්‍රවර් බේලිස්ගේ දැඩි දෝෂ දර්ශනයට ලක්වී තිබෙනවා.
ඔහු කියා සිටියේ තරගාවලිය ජයගෙන සිටි ලොව අංක එකේ කණ්ඩායම අතිශය දුර්වල පන්දු රැකීමක් එම තරඟයේදී ප්‍රදර්ශනය කළ බවයි.
පන්දු රැකීම ක්‍රීඩකයන්ගේ ආකල්මය මත රදා පවතින බව පැවසූ ටෙ‍්‍රවර් බේලිස්, එමගින් තරඟයක විනිශ්චය රදා පවතින බව ද කියා සිටියා.
එළඹෙන ලෝක කුසලානයට පෙර එංගලන්ත ක්‍රීඩකයන්ට සිය දස්කම් දැක්වීමට පවතින්නේ තවත් එක් අවස්ථාවක් පමණක් බව ඔහු සිහිපත් කළා.
ඒ, බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම සමඟ පැවැත්වෙන එක්දින තරගාවලියයි.
ශ්‍රී ලංකාව සහ එංගලන්තය අතර විස්සයි විස්ස ජාත්‍යන්තර තරඟය හෙට කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාගංණයේදී පැවැත්වීමට නියමිතයි.