Gossips

තරග පාවාදීමේ චෝදනාවට ලක්වූ හිටපු වේග පන්දු ක්‍රීඩකයෙකුගේ ජංගම දුරකථනයක් අයි.සී.සී. භාරයට

ශ්‍රී ලංකා ක්‍රිකට් සම්බන්ධයෙන් පරීක්ෂණ කටයුතු සිදුකරන අයි.සී.සී. දූෂණ මර්දන ඒකකයේ නිලධාරීන් මෙරට හිටපු වේග පන්දු යවන ක්‍රීඩකයෙකුගේ ජංගම දුරකථනයක් සිය භාරයට ගෙන තිබෙනවා.
ක්‍රිකට් ක්‍රීඩා කරන රටවල් අතරින් තරඟ පාවාදීම් සිදුවන දූෂිතම රට ශ්‍රී ලංකාව බවටද ඔවුන් ක්‍රීඩා අමාත්‍ය ෆයිසර් මුස්තාෆාට අනතුරු අඟවා තිබුණා.
ශ්‍රී ලංකාවේ සිදුවන මුදලට තරඟ පාවාදීමේ සිදුවීම් සඳහා මෙරට පාතාලයේද ඍජු සම්බන්ධයක් පවතින බවට තොරතුරු වාර්තා වී ඇති බවයි එම නිලධාරීන් වැඩිදුරටත් පෙන්වා දී ඇත්තේ.