Gossips

තඹුත්තේගම මූලික රෝහලේ සුළු සේවක උද්ඝෝෂණයක්

තඹුත්තේගම – මූලික රෝහලේ කම්කරුවෙකුට පහරදීමේ සිද්ධියක් මුල් කරගනිමින් එම රෝහලේ සුළු සේවක කාර්ය මණ්ඩලය අද (30) පෙරවරුවේ උද්ඝෝෂණයක නිරතවුණා.
පසුගිය සිකුරාදා රාත්‍රියේ රෝහලට රෝගියෙකු ඇතුළත් කිරීමට පැමිණි පිරිසක් විසින් අදාළ කම්කරුවාට පහරදී ඇති අතර, මේ වනවිට ඔහු එම රෝහලේම ප්‍රතිකාර ලබනවා.
සිද්ධිය සම්බන්ධයෙන් පොලීසියට පැමිණිල්ලක් සිදුකළද මේ වනතෙක් ඊට සාධාරණය ඉටු නොවූ බවයි උද්ඝෝෂණය අතරතුර හිරු ප්‍රවෘත්ති අංශයට අදහස් දක්වමින් රෝහලේ සුළු සේවකයෙකු සඳහන් කළේ.
අප මේ සම්බන්ධයෙන් තඹුත්තේගම මූලික රෝහලේ වැඩබලන වෛද්‍ය අධිකාරී චන්දන හේරත්ගෙන් විමසීමක් කළ අතර, ඔහු කියා සිටියේ රෝහලේ බාහිර රෝගී අංශය හැර අනෙකුත් සායන කටයුතු සාමාන්‍ය පරිදි සිදු කෙරෙන බවයි.