Gossips

තඹුත්තේගමදී නිධන් හෑරූ හයදෙනෙකු අත්අඩංගුවට

තඹුත්තේගම – කිත්සිරිගම ප්‍රදේශයේ නිවසක් අසළ ළිඳක් කැණීමේ මුවාවෙන් නිධන් වස්තු සෙවීමේ නිරතවූ පුද්ගලයින් හයදෙනෙකු තඹුත්තේගම පොලීසිය අත්අඩංගුවට ගෙන තිබෙනවා.
පොලිස් හදිසි ඇමතුම් අංකයට ලද තොරතුරක් මත ඊයේ රාත්‍රියේ මෙම වැටලීම සිදුකර ඇති අතර, එහිදී නිධන් වස්තු ලබාගැනීම සඳහා කැණීම් සිදුකළ උපකරණ කිහිපයක්ද පොලිස් භාරයට ගෙන ඇති බව සඳහන්.
අත්අඩංගුවට ගත් සැකකරුවන් තඹුත්තේගම, ගලගෙදර සහ කිත්සිරිගම ප්‍රදේශවල පදිංචි අවුරුදු 21 ත් 35 ත් අතර වයස්වල පසුවන්නන් බවයි පොලීසිය සඳහන් කළේ.