වයස අවුරුදු 15ක සිය දියණිය ලිංගික සේවය සදහා ලබා දී මුදල් ඉපයූ මවක් පිළිබද පුවතක් නවසීලන්තයේ ඕක්ලන්ඩ්වලින් වාර්තා වෙනවා.
අදාළ මව විසින් මෙය සිදු කර තිබෙන්නේ 2014 වර්ෂයේදීයි.
Kasmeer Lata නමැති 36 හැවිරිදි මවගේ දියණිය ඒ වනවිට වයස අවුරුදු 15වේ පසු වූ බවයි විදෙස් මාධ්‍ය වාර්තාකර තිබුණේ.
මෙම මව විසින් තම දියණිය බලහත්කාරයෙන් දහස් තාවක් තරුණ, මහලු පිරිසට ලිංගික සේවය සදහා ලබා දී තිබෙන අතර 2015 වර්ෂයේදී ඇය ගැබ්ගෙන තිබෙනවා.
එම මව දියණියගේ ගැබ් ගැනීම, ගබ්සා කර තිබෙන අතර ඉන් මාස ගණනාවකට පසුව දියණියව ලිංගික සේවයට යෙදවීම හේතුවෙන් ඇය පොලිස් අත්අඩංගුවට ගෙන තිබෙන බව සදහන්.
එහිදී ඇයට දඩුවම් කිරීමටද එරට අධිකරණය තීරණය කර තිබෙනවා.
ඒ අනුව මේ වන විට ඇය සිරමැදිරියක ජීවත්වන අතර තවමත් තමන්ගේ දියණියට සිදු කළ අගතිය පිළිබද ඇයට කිසිදු තැකීමක් නොමැති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.
එම සිද්ධියට සම්බන්ධ නඩු වාර තවමත් පැවැත්වෙන අතර තවත් වර්ෂ හයක් හා මාස 11කට ඇයට සිරදඩුවම් නියම කිරීමට පසුගියදා එරට අධිකරණය තීරණය කළ බවද සඳහන්.
ඇය අධිකරණයට පවසා ඇත්තේ ගෙදර කුලිය හා ජිවත් වීම සදහා ප්‍රමාණවත් වත්කමක් නොමැති වීම හේතුවෙන් තමන්ගේ දියණිය එසේ ගණිකාවක් කළ බවයි.
එමෙන්ම ඇමරිකානු ඩොලර් 100,000කට තමන්ගේ දියණියගේ ශරීරය තරුණයින්ට අලෙවි කළ බවත් ඇය සඳහන් කර තිබෙනවා.