Politics Sri Lanka

තම වටිනා ඡන්දය දුෂණයන්ට, වංචාවන්ට සම්බන්ධ නොවු යහපත් මහජන නියෝජිතයන් තෝරා ගැනීමට භාවිතා කරන්න

තම වටිනා ඡන්දය දුෂණයන්ට, වංචාවන්ට සම්බන්ධ නොවු යහපත් මහජන නියෝජිතයන් තෝරා ගැනීමට භාවිතා කරන්න

මෙවර පළාත් පාලන මැතිවරණයේදී මහජනතාව තම වටිනා ඡන්දය භාවිතා කල යුත්තේ දුෂණයන්ට, වංචාවන්ට සම්බන්ධ නොවු යහපත් මහජන නියෝජිතයන් තෝරා ගැනීම සදහා බව මානව හිමිකම් පිළිබද විද්වත් සංසදයේ මැතිවරණ නියෝජිත ජාලය අවධාරණය කර සිටියි.

ඡන්ද වීමසීම ආරම්භයේ සිට සිදුවන යම් මැතිවරණ දූෂණයක්, ප්‍රචන්ඩ ක්‍රියාවක් වේනම් හෝ කුමන ආකාරයකින් මැතිවරණ නීතිය උල්ලංඝනය වේනම් මානව හිමිකම් පිළිබද විද්වත් සංසදයේ මැතිවරණ නියෝජිත ජාලය වෙත දැනුම්දීමට අදාළ දුරකථන අංක මහජනතාව වෙත ලබාදීමට එම මැතිවරණ නිරීක්ෂණ ජාලයේ ප්‍රධාන විධායක ආචාර්ය උදිත ගුණසේකර මහතාගේ අත්සනින් නිකුත් කර ඇති මාධ්‍ය නිවේදනයක උක්ත කරුණු සඳහන් වන අතර එම නිවේදනය සම්පූර්ණයෙන් පහතින් පල වේ.