Gossips

තම මව සමඟ අනියම් ඇසුරක් පැවැත්වූ මිතුරාගේ හිස කපාගෙන පොලිසියට අරන් ගිය තරුණයා

තම මවත් සමඟ අනියම් සම්බන්ධයෙන් පැවැත්වූ බව කියන සිය මිතුරාගේ හිස කපා පොලිසියට රැගෙනගිය තරුණයෙකු පිළිබඳව පුවතක් විදෙස් මාධ්‍ය වාර්තා කර තිබෙනවා.
අදාල සිදුවීම වාර්තා වන්නේ ඉන්දියාවේ කර්ණාටක ප්‍රාන්තයෙන්.
මෙලෙස ඝාතනයට ලක්ව ඇත්තේ Girish නමැති 35 හැවිරිදි පුද්ගලයෙක්.
ඔහුගේ ඝාතනය සිදුකර ඇත්තේ 24 හැවිරිදි Pashupati නමැති තරුණයෙක්.
තම මව සමඟ අනියම් සම්බන්ධතාව අත්හැර දමන ලෙසට ඔහු කිහිපවිටකම මිතුරාට පවසා ඇති බවත් මීට වසර 3 කට පමණ පෙර සිට ඔවුන් අතර ආරවුල් ඇතිවූ බවත් ප්‍රදේශවාසීන් පවසවා.
ඉන් අනතුරුවයි පසුගිය දිනක මෙම තරුණයා විසින් ඔහුගේ මිතුරාගේ හිස කපා කිලෝමීටර් 20 ක් පමණ දුරින් පිහිටි පොලිස් ස්ථානය වෙත රැගෙනගොස් ඇත්තේ.
අනතුරුව පුද්ගල ඝාතනයක් සම්බන්ධයෙන් පොලිසිය විසින් සැකකරු අත්අඩංගුවට ගෙන පරීක්ෂණ ආරම්භ කර ඇති බවයි විදෙස් මාධ්‍ය වැඩිදුරටත් වාර්තාකරන්නේ.
එම අවස්ථාව දැක්වෙන වීඩියෝවක් මේ වනවිට විදෙස් මාධ්‍ය වාර්තා කර තිබෙනවා.
එම වීඩියෝව පහතින්.
සංවේදී දර්ශන සහිතයි.
rnrnrnrn%MCEPASTEBIN%