Gossips

තම පුතා විවාහ වීමට සිටි තරුණිය අපයෝජනය කළ පියා

බුත්තල පොලිස් බල ප්‍රදේශයේ පදිංචි පුද්ගලයකු තම බාල පුතා විවාහ වීමට සිටි තරුණිය අපයෝජනය කර ඇති බවට බුත්තල පොලිසියට ලැබුණු තොරතුරක් අනුව සැකකරු පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
සැකකාර පියාගේ පුත්‍රයා විසින් විවාහ ඔහු විවාහ වීමට සිටින දහ නව හැවිරිදි තරුණිය නිවසට කැදවාගෙන ඔවුන්ගේ නිවසේ එකට ජීවත් වී තිබෙනවා.
ඔවුන් නීත්‍යානුකූලව විවාහ වී සිට නොමැති අතර ඉදිරියේදී විවාහ වීමට බලාපොරොත්තුවෙන් සිට ඇති බවයි පොලිසිය ප්‍රකාශ කළේ.
මෙම තරුණිය හැටන් ප්‍රදේශයේ පදිංචි තරුණියක් වන අතර ඇයගේ මවුපියන්ගෙ කැමත්ත මත තරුණිය මෙම තරුණයාගේ නිවසේ පදිංචියට පැමිණ තිබෙනවා.
දිනක් එම තරුණයා තරුණිය නිවසේ තබා කුලී වැඩ සදහා පිටත්ව ගොස් ඇති අතර එම අවස්ථාවෙදී පියා විසින් බලහත්කාරයෙන් මෙම තරුණිය අපයෝජනය කිරීමට උත්සාහ ගෙන ඇති බවයි සඳහන් වන්නේ.
පසුව තරුණිය කෑ ගසා ඇති අතර ගම්වාසීන් පැමිණ සිද්ධිය පිළිබඳ පොලිස් හදිසි ඇමතුම් අංකයට සහ බුත්තල පොලිසියට මේ පිළිබඳ දැනුම් දී තිබෙනවා.
පසුව බුත්තල පොලිසිය පැමිණ සැකකරු අත්අඩංගුවට ගෙන ඇති අතර සැකකරු බුත්තල ප්‍රදේශයේ පදිංචි හතලිස් අට හැවිරිදි පුද්ගලයකු බවයි පැවසෙන්නේ.
සැකකරු වැල්ලවාය මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත අතර බුත්තල පොලිසිය වැඩි දුර විමර්ශන සිදු කරනවා.