Gossips

තම ප්‍රකාශය ඉල්ලා අස්කර නොගන්නා බව රන්ජන් කියයි

එක්සත් ජාතික පක්ෂයේ මැති ඇමතිවරුන් කොකේන් භාවිත නොකරන බවට පසුගියදා පැවති කෘත්‍යාධිකාරී මණ්ඩලයේදී තමන් කිසිදු ප්‍රකාශයක් සිදු නොකළ බව රාජ්‍ය අමාත්‍ය රන්ජන් රාමනායක මහතා අවධාරණය කළා.
ඔහු පැවසුවේ කොකේන් භාවිත කරන දේශපාලනඥයින් සම්බන්ධයෙන් තමන් සිදුකළ ප්‍රකාශය කිසිදු වෙනසකට ලක් නොවන බවයි.
පසුගිය බදාදා එක්සත් ජාතික පක්ෂ කෘත්‍යාධිකාරී මණ්ඩල රැස්වීම පැවති අතර, එහිදී රාජ්‍ය අමාත්‍ය රන්ජන් රාමනායක මහතා කොකේන් මත්ද්‍රව්‍ය භාවිතා කරන මැති ඇමතිවරුන් සම්බන්ධයෙන් සිදුකළ ප්‍රකාශයට අදාළ විමර්ශන කමිටු වාර්තාව ඉදිරිපත් කෙරුණා.