Gossips

තම දරුවා අනියම් සැමියාට දූෂණය කිරීමට දුන් මව අත්අඩංගුවට

අවුරුදු 22 ක්‌ වයසැති තම අනියම් සැමියාට අවුරුදු 10 ක්‌ වයසැති තම දියණියව දූෂණය කිරීමට ආධාර අනුබල දුන් 38 හැවිරිදි 05 දරු මව සහ එම අනියම් සැමියා රිමාන්ඩ් භාරයේ තබන ලෙසට මිනුවන්ගොඩ වැඩ බලන මහෙස්‌ත්‍රාත් සරල කරුණාරත්න නියම කර තිබෙනවා.
කටුනායක පොලිසිය මගින් අත්අඩංගුවට ගැනීමෙන් අනතුරුව ඉකුත් 19 වැනිදා සිට අධිකරණ නියමයෙන් රිමාන්ඩ් භාරයේ සිටින දෙදෙනාව මෙසේ තවදුරටත් රිමාන්ඩ් භාරයට පත්වී තිබෙන බවත් සදහන්.
සැකකාරිය ඌරගහ, බෝතොට ප්‍රදේශයේ පදිංචිකාරියක්.
සැකකාරියට විවාහ සැමියාට දාව දරු තිදෙනෙකුත් තවත් අනියම් සැමියකුට දාව දරුවන් 02 කු සිටින බවට අධිකරණයේදී සඳහන් වි තිබෙනවා.
සැකකාරියගේ දෙවැනි අනියම් සැමියා පෙදරේරුවරයකු බවත්, එම පෙදරේරුවාගේ ගෝලයා වූ 22 හැවිරිදි සැකකරු සමඟ අනියම් ඇසුරක්‌ ආරම්භ කර දෙදෙනා කටුනායක ප්‍රදේශයේ කාමරයක්‌ කුලියට ගෙන පදිංචිව සිටියදී අතවරයට පත් දැරියවද එම කුලී කාමරයට රැගෙන විත් ඇති බවටද අධිකරණයේදී සඳහන්.