Gossips

තම ඉල්ලීම්වලට එකඟවන අයෙකුට ජනපතිවරණයේදී ඇල්ලේ ගුණවංශ හිමියන්ගේ සහය

තමන් වහන්සේ ඉදිරිපත් කරන ඉල්ලීම් 5 ට එකගවන පුද්ගලයෙකුට ඉදිරි ජනාධිපතිවරණයේදී සහය දීමට සූදානම් බව පුජ්‍ය ඇල්ලේ ගුණවංශ හිමියන් පවසනවා.
උන්වහන්සේ මේ බව සදහන් කළේ රජයේ වෛද්‍ය පීඨ ශිෂ්‍ය දෙමාපිය සංගමය උන්වහන්සේ බැහැ දැකීමට පැමිණි අවස්ථාවේ මාධ්‍යයට අදහස් දක්වමින්.
රජයේ වෛද්‍ය පීඨ ශිෂ්‍ය දෙමාපිය සංගමය අද පෙරවරුවේ දේශය සුරැකීමේ ජාතික ව්‍යාපාරයේ සභාපති පුජ්‍ය ඇල්ලේ ගුණවංශ හිමියන් මුණ ගැසුණා.
එහිදී සයිටම් ගැටලුව ඇතුළු රටේ වත්මන් තත්ත්වය සම්බන්ධයෙන් සාකච්ඡා කෙරුණා.