තමන් ආණ්ඩු බලයට පත්වීමත් සමඟ රටේ ආර්ථික මෙන්ම සමාජීය වශයෙන් විශාල සංවර්ධනයක් සිදුවූ බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ පවසනවා.
ඔහු මේ බව කියා සිටියේ සිරිකොත – ගමට වැඩසටහනට සමගාමීව බණ්ඩාරගම – අටුලූගම ප්‍රදේශයේ ඊයේ පැවති සාමාජික ප්‍රවර්ධන වැඩසටහනකට එක්වෙමින්.
මේ අතර, එක්සත් ජාතික පක්ෂයේ ආසන සංවිධායකවරුන්ගේ රැස්වීමක් අද පස්වරුවේ පැවැත්වුණා.
ඒ, අග්‍රාමාත්‍යවරයාගේ ප්‍රධානත්වයෙන් පාර්ලිමේන්තු සංකීර්ණයේදීයි.