Gossips

තම ආණ්ඩුවක් පිහිට වූ පසු ගන්නා පියවර ගැන මන්ත්‍රී රෝහිතගෙන් පැහැදිලි කිරීමක්

වැරදි සිදුනොකළ රණවිරුවන්ට එරෙහිව අධිකරණ ක්‍රියාමාර්ග ගතහොත්, තම ආණ්ඩුවක් පිහිට වූ පසු ඔවුන් අත්අඩංගුවට ගත් පුද්ගලයින්ට නීතිමය පියවර ගන්නා බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ පවසනවා.
පාර්ලිමේන්තු මන්ත්‍රී රෝහිත අබේගුණවර්ධන මේ බව කියා සිටියේ බත්තරමුල්ල – නෙලුම් මාවත පක්ෂ කාර්යාලයේ අද පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින්.
මේ අතර, පිවිතුරු හෙළ උරුමය කොළඹදී අද පැවති මාධ්‍ය හමුවකදී එහි ප්‍රධාන ලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මන්පිල කියා සිටියේ වත්මන් ආණ්ඩුව ජිනීවා මානව හිමිකම් සැසියට බියෙන්, බටහිර බලවේග සතුටු කිරීමේ ප්‍රයත්නයක නිතරව සිටින බවයි.
මේ අතර, ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ සභාපති මහාචාර්ය ජී.එල්.පීරිස් මිරිසවැටිය විහාරයේ විහාරාධිපති පූජ්‍ය ඊතලවැටුණුවැවේ පඤ්ඤානන්ද හිමියන් අද බැහැදුටුවා.