Gossips

තම අපේක්ෂකයාගේ ජය ස්ථිරයි – විපක්ෂ නායක මහින්දගෙන් ඉන්දියාවේදී ප්‍රකාශයක්

ඉදිරි ජනාධිපතිවරණය සදහා තමන් ඉදිරිපත් කරනු ලබන අපේක්ෂකයා අනිවාර්යෙන්ම ජයග්‍රහණය කරනු ඇතැයි බලාපොරොත්තු වන බව විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ පවසනවා.
විපක්ෂ නායකවරයා මේ බව කියා සිටියේ ඉන්දියාවේ ‘‘ද හින්දු පුවත්පත’’ විසින් සංවිධාන කළ සමුළුවේ දේශනයෙන් අනතුරුව ඊට සහභාගිවූවන් නැගූ ප්‍රශ්නවලට පිළිතුරු ලබාදෙමින්.
‘‘ප්‍රශ්නය – නව ව්‍යවස්ථාවක් සැකසෙමින් පවතිනවා. ඒ ගැන මොකද හිතන්නේ….?
පිළිතුර – පසුගිය වසර හතරේදී ඔවුන් එය ඉදිරිපත් කළේ නැහැ. මේ මැතිවරණ වර්ෂයේදී ඔවුන්ට ඡන්ද අවශ්‍යයි. ඒක දේශපාලන ක්‍රීඩාවක්.
ප්‍රශ්නය – දැන් ඔබ තවත් පක්ෂයක නායකයෙක්. නමුත් ඔබ එදා පැවසුවා, ඔබ සාමාජිකයෙක් නෙවෙයි කියලා.
පිළිතුර – එහි සභාපති මගේ ඉදිරිපිට ඉන්නවා. මහාචාර්ය ජී.එල්.පීරිස්. ඔහු තමයි පවසන්නේ මම නායකයා බව.
ප්‍රශ්නය – අවසන් වශයෙන් ඔබ කැමතිද, ඉදිරි ජනාධිපතිවරණය පිළිබඳව ඉඟියක් ලබාදෙන්න.
පිළිතුර – අවාසනාවකට මට තරඟ කරන්න පුළුවන්කමක් නැහැ. ඒ නිසා මට සිද්ධ වෙනවා හොඳ අපේක්ෂකයෙක් ඊට යොදා ගන්න. කවුරු වුණත් මගේ අපේක්ෂකයා ජයග්‍රහණය කරාවී.
ප්‍රශ්නය – ඔබ අදහස් කරන්නේ නැද්ද ඉදිරියේදී ව්‍යවස්ථාව සංශෝධනය කිරීමට….?
පිළිතුර – මම එය කරන්නම්. ’’