Gossips

තමිල්නාඩු පාලක පක්ෂය විරෝධතාවකට සැරසේ

යුද්ධයේදී ශ්‍රී ලංකාවට සහය ලබාදුන් බවට චෝදනා කරමින් ඞී.එම්.කේ පක්ෂයට සහ ඉන්දීය කොංග්‍රසයට එරෙහිව විරෝධතාවයක නිරත වීමට තමිල්නාඩු පාලක පක්ෂය වන ඒ.අයි.ඒ.ඞී.එම්.කේ. පක්ෂය තීරණය කර තිබෙනවා.
ඊයේ රැස් වූ එම පක්ෂයේ නියෝජිතයන් තීරණය කර ඇත්තේ මේ මස 25 වනදා මෙම විරෝධතාවය පැවැත්වීමටයි. ශ්‍රී ලංකාවේ පැවති යුද්ධයේදී ඞී.එම්.කේ පක්ෂය සහ කොංග්‍රස් සන්ධානය රජය ඊට ආධාර ලබාදුන් බවට හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ පසුගියදා ඉන්දියාවේදී සිදුකළ ප්‍රකාශයෙන් තහවුරු වන බව තමිල්නාඩු ප්‍රධාන අමාත්‍ය ඊ.කේ. පලනිස්වාමි පවසනවා.
ශ්‍රී ලංකාව ජාත්‍යන්තර යුද අපරාධකරුවන් ලෙසට ඉන්දියාව ප්‍රකාශයට පත් කළ යුතු බවද ඔහු එහිදී ප්‍රකාශ කර තිබෙනවා.
ඒ.අයි.ඒ.ඞී.එම්.කේ පක්ෂයේ හිටපු නායක ජයලලිතා ජයරාම් ද මීට පෙර මෙම ඉල්ලීම කර තිබූ බවයි ප්‍රධාන අමාත්‍යවරයා කියා සිටියේ.