Gossips

තමිල්නාඩුවේ බෝම්බ බියක්

ඉන්දියාවේ තමිල්නාඩු ප්‍රාන්තයේ මහ ඇමති ඊ. පලනිස්වාමි සහ පසුගියදා දේශපාලනයට පිවිසි ප්‍රවීන කොලිවුඞ් සිනමා නළු රැජිනි කාන්ත්ගේ නිවෙස්වලට එල්ලවූ බෝම්බ තර්ජනයක් සම්බන්ධයෙන් තමිල්නාඩු පොලීසිය පරීක්ෂණයක් පවත්වා තිබෙනවා.
කිසියම් පුද්ගලයෙකු තමිල්නාඩු පොලීසියට හදිසි ඇමතුමක් ලබාදී ප්‍රකාශ කර ඇත්තේ ඔවුන්ගේ නිවෙස්වල බෝම්බ අටවා ඇති බවයි.
කෙසේ නමුත් පසුව එය ව්‍යාජ ඇමතුමක් ලෙස හඳුනාගෙන ඇති අතර, අදාළ පුද්ගලයාද අත්අඩංගුවට ගනු ලැබූ බවයි ඉන්දීය මාධ්‍ය සඳහන් කළේ.
21 හැවිරිදි එම පුද්ගලයා කිසියම් මානසික ආබාධයකින් පෙළෙන බවයි හෙළිවී ඇත්තේ.
එමෙන්ම මොහු 2013 වසරේද මෙවැනි සිද්ධියක් සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන ඇති අතර එහිදී ඔහු දුරකථන ඇමතුමක් ලබාදී ඇත්තේ එවකට මහ ඇමතිනිය වූ ජයලලිතා ජයරාම්ගේ නිවසේ බෝම්බයක් අටවා ඇති බව පවසමින්.