Gossips

තමිල්නාඩුවේදී පොලිස් වෙඩි පහරින් ශ්‍රී ලාංකිකයෙකු ජීවිතක්ෂයට

තමිල්නාඩු ප්‍රාන්තයේ තූත්තුකුඩි ප්‍රදේශයේ පැවති උද්ඝෝෂනයකදී සිදුවූ පොලිස් වෙඩි පහරින් මිය ගිය 13 දෙනෙකු අතුරෙන් එක් අයෙකු ශ්‍රී ලාංකිකයෙකු බවට හඳුනාගෙන තිබෙනවා.
එම ප්‍රදේශයේ ලෝහ නිෂ්පාදනය කරන පෞද්ගලික කර්මාන්තශාලාවකින් පරිසරයට සිදුවන හානිය සම්බන්ධයෙන් සංවිධාන කළ විරෝධතාවක් අතරතුරයි මෙම පොලිස් වෙඩි ප්‍රහාරය පසුගිය අඟහරුවාදා එල්ල වූයේ.
මෙහිදී මිය ගිය ශ්‍රී ලාංකිකයා හිටපු එල්.ටී.ටී.ඊ. සාමාජිකයෙකු වන අතර, මෙරටදී පුනරුත්ථාපනය වීමෙන් අනතුරුව තමිල්නාඩුව බලා ගොස් ඇති බවට අනාවරණ වී තිබෙනවා.