Gossips

තමිල්නාඩුවෙන් හමුවූ එල්.ටී.ටී.ඊ ආයුධ ගැන විශේෂ පරීක්ෂණයක්

තමිල්නාඩුවේ – රාමේෂ්වරම් – තංගච්චිමඩම් ප්‍රදේශයේ නිවසක් ආසන්නයේ වලදමා තිබියදී සොයා ගත් එල්.ටී.ටී.ඊ සංවිධානය අයත් බවට සැකකරන අවි තොගය සම්බන්ධයෙන් ඉන්දීය ආරක්ෂක අංශ විශේෂ පරීක්ෂණයක් ආරම්භ කර තිබෙනවා.
එරට පුවත් සේවා වාර්තා කළේ දිල්ලි සහ චෙන්නායි පොලිස් බුද්ධි අංශ මගින් මෙම පරීක්ෂණය සිදුකරන බවයි.
පෙරේදා දිනයේදී සොයා ගත් මෙම ආයුධ තොගය අතරට උණ්ඩ දස දහසක්, රොකට් උණ්ඩ 400 ක් සහ අත්බෝම්බ 24 ක් ද අයත්.
අදාළ නිවසේ හිමිකරුවන් විසින් වැසිකිළි වළක් හෑරීමට යාමේදී මෙම ආයුධ තොගය හමුවුණා.
මෙම ආයුධ 1980 දශකයේ එල්.ටී.ටී.ඊ සංවිධානය රජයට එරෙහිව භාවිතා කර ඇති බවටයි සැක පළ කරන්නේ.
පරීක්ෂණ කටයුතුවල වාර්තා කඩිනමින් මදුරාසි අධිකරණය වෙත භාරදීමට කටයුතු කරන බව රාමේෂ්වරන් පොලිස් අධිකාරි ඕම් ප්‍රකාශ් මීනා ඉන්දීය මාධ්‍ය වෙත ප්‍රකාශ කර තිබෙනවා.