තමිල්නාඩු ප්‍රාන්තයට එම්.ජී.ආර්.ගේ යහපාලනය ගෙනඒමට තමා සූදානම් බව සිය සමාරම්භක දේශපාලන කතාව ඉදිරිපත් කරමින් සුපිරි නළු රැජිණිඛාන්ත් ප්‍රකාශ කළා.
චෙන්නායි නුවර පෞද්ගලික විශ්වවිද්‍යාලයක ඊයේ (05) පැවැති රැස්වීමකදී දහස් සංඛ්‍යාත අනුගාමිකයන් අමතමින් ඔහු කියා සිටියේ තමිල්නාඩුවේ පවතින දේශපාලන රික්තකය පිරවීමට තමා දේශපාලනයට අවතීර්ණ වූ බවයි.
ජයලලිතා සහ කරුණානිධි යන ප්‍රබල දේශපාලනඥයන් හමුවේ එවැනි රික්තකයක් තමිල්නාඩුවේ නොපැවති බවයි 67 හැවිරිදි රැජිණිඛාන්ත් සඳහන් කළේ.
තමා දේශපාලන පක්ෂයක් පිහිටුවා තමිල්නාඩු ප්‍රාන්ත සභාවේ මීළඟ මැතිවරණයට තරඟ වදින බව රැජිණිඛාන්ත් ප්‍රකාශ කළේ පසුගිය දෙසැම්බර් 31 වන දායි.
rn