Gossips

තමිම් ඉක්බාල් සහ ශකීබ් අල් හසන් යළි කණ්ඩායමට

බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම සමඟ පැවැත්වෙන එක්දින තරගාවලිය සඳහා තමීම් ඉක්බාල් සහ ශකීබ් අල් හසන් යළි බංග්ලාදේශ කණ්ඩායමට කැඳවා තිබෙනවා.
තරග 3 කින් සමන්විත තරගාවලිය ලබන 9 වනදා ඩකා හිදී ආරම්භ කෙරෙන අතර, පසුගිය ඔක්තෝම්බර් මාසයේ සිම්බාබ්වේ කණ්ඩායම සමඟ පැවති එක්දින තරගාවලිය ඔවුන්ට අහිමිවූයේ විවිධ ආබාධවලට ලක්ව සිටීම හේතුවෙන්.
බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම සමඟ පැවති ටෙස්ට් තරගාවලිය තරග දෙකට බින්දුවක් ලෙස ජයගැනීමට බංග්ලාදේශ කණ්ඩායම සමත්වුණා.