ගංඟාරාම විහාරාධිපති පූජ්‍ය ගලබොඩ ඥානීස්සර හිමියන්ට සෙත්පතා ඊයේ (01) පස්වරුවේ එම විහාරස්ථානයේ මෙම ආශිර්වාද බෝධි පූජාව පැවැත්වුණා.
දැනට රෝගාතුරව සිටින විහාරාධිපති හිමියන්ට ඉක්මන් සුවය ප්‍රාර්ථනා කරමින් මෙම ආශිර්වාද පූජාව පැවති අතර ඊට විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ, අමාත්‍ය සජිත් ප්‍රේමදාස, කැබිනට් නොවන අමාත්‍ය හර්ෂ ද සිල්වා සහ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන ෆයිසර් මුස්තාෆා, බන්දුල ගුණවර්ධන ඇතුළු පිරිසක් ද එක්ව සිටියා.
එහිදී මාධ්‍ය වෙත අදහස් දක්වමින් විපක්ෂ නායක, මහින්ද රාජපක්ෂ සඳහන් කළේ තමන් තවදුරටත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ යාවජීව අනුශාසකවරයෙකු වන බවයි.
