තමන් ශ්රී ලංකා නිදහස් පක්ෂයෙන් ඉවත් වී නැතැයි පාර්ලිමේන්තු මන්ත්රී දයාසිරි ජයසේකර ප්රකාශ කළා.
ඒ හෙට්ටිපොල අද පැවති රැස්වීමකදීයි.
එහිදී ඔහු තවදුරටත් කියා සිටියේ නිදහස් පක්ෂයෙන් පාර්ලිමේන්තුවට තේරී පත් වූ මන්ත්රීවරුන් 54 දෙනෙකු මේ වනවිට ශ්රී ලංකා පොදුජන පෙරමුණට සම්බන්ධ වී කටයුතු කරන බවයි.
