Gossips

තමන් තවමත් විපක්ෂ නායක බව සම්බන්ධන් කියයි

කතානායකවරයා තමන්ව මේ දක්වා විපක්ෂ නායක ධුරයෙන් ඉවත් කර නොමැති බව දෙමළ ජාතික සන්ධාන නායක පාර්ලිමේන්තු මන්ත්‍රී ආර්. සම්බන්ධන් අද ප්‍රකාශ කළා.
පාර්ලිමේන්තු සභා වාරය ආරම්භයේදී විශේෂ ප්‍රකාශයක් සිදුකරමිනුයි ඔහු බව කියා සිටියේ.
මේ වනවිට පාර්ලිමේන්තුවේ විපක්ෂ නායකයින් දෙදෙනෙකු සිටින බව ද ආර්. සම්බන්ධන් මන්ත්‍රීවරයා සදහන් කළා.
කෙසේ වෙතත් ඔහුගේ එම ප්‍රකාශයට විරෝධය පළ කරමින් පාර්ලිමේන්තු මන්ත්‍රී සුසිල් ප්‍රේමජයන්ත කියා සිටියේ කථානායකවරයා ඊයේ දිනයේදී සිය තීන්දුව නිවැරදිව ප්‍රකාශයට පත් කළ බවයි.
එහිදී සභානායක ලක්ෂ්මන් කිරිඇල්ල පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මන්පිල, ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායක ගයන්ත කරුණාතිලක සහ පාර්ලිමේන්තු මන්ත්‍රී රවුෆ් හකීම් අදහස් පළ කළ අතර, ඊට නියෝජ්‍ය කථානායක ආනන්ද කුමාරසිරිද මැදිහත්වුණා.
මේ අතර හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂට විපක්ෂ නායක ධුරය ලබාදීම නිත්‍යානුකුල නොවන බව පවසමින් හිටපු විපක්ෂ නායක ආර්. සම්බන්ධන් කථානායකවරයා වෙත අද පස්වරුවේ ලිපියක් භාරදි තිබෙනවා.
ඒ අනුව පාර්ලිමේන්තුවේ විපක්ෂ නායක ධූරය තම පක්ෂය වෙත ලබා දිය යුතු බව ඔහු එම ලිපිය තුලින් පෙන්වා දී ඇති බවයි කථානායක මාධ්‍ය අංශය සදහන් කළේ.