Gossips

තමන්ට අභිමානයක් නැත්නම් රටට අභිමානයක් ගේන්න බෑ – පොලිස්පති

තමන්ට අභිමානයක් ගොඩ නගා ගත නොහැකි පුද්ගලයෙකුට රටට අභිමානයක් ගෙන ආ නොහැකි බව පොලිස්පති පූජිත් ජයසුන්දර මහතා පවසනවා.
වේයන්ගොඩ පත්තලගෙදර ගුරු අභ්‍යාස විද්‍යා පීඨයේ පැවති වැඩසටහනකට එක්වෙමින් ඔහු මේ බව සඳහන් කළා.
-පූජිත් ජයසුන්දර-පොලිස්පති
– මනුස්සයෝ හැටියට අපේ අරමුණ මොකක්ද වෙන්න ඕනේ.මගේ කිරි අම්මා මම පුංචි කාලේ කිරි පුතේ මෙන්න මේක කියනවා බඩගිනියි,බඩගිනියි කියලා.මේකා අහනවා කොහොමද කොහොමද කියලා.මෙතන ඉන්න ටිකක් උසම එකා.ටිකක් මෝඩයි පුතේ.මෙයා කියනවා ණයට කමු ණයට කමු.ණයට කමු කියලා.මෙයා පැත්තක ඉඳලා අහනවා කිරි පුතේ ණය ගෙවන්නේ කොහොමද කියලා.පුතේ මේ පුංචි එකා මේකා දස්සයා පුංචි වුණත් කීය උනත් මම ණය ගෙවන්නේ කියලා.ඉතින් මම අහන් ඉන්නවා කිරි අම්මේ ඉතින් මොකක්ද ඔය කතාව.මට මොකද පුංචි වුණාට උඹට ලොකු දෙයක් කරන්න පුළුවන් පුතේ.මේක ජීවිතයට සම්බන්ධණ කරගන්න.මේවා අපිට තියාගෙන නැති බණේ ගහනවා. අනුන්ගේ එකට බනිනවා.මොකක්ද මේ වැඩේ.කවද්ද මේක ඉවර වෙන්නේ.හුඟ දෙනෙකුට ප්‍රශ්නයක් වුණා පොලිස්පතිවරයා විදිහට මොකද මම මේ භාවනා කරන්න කියන්නේ පොලිසියට දැන්.පොලිස් නිලධාරීන්ටත් ප්‍රශ්නයක් වුණා.සමහර සමහර ලොකු ලොකු අයටත් ප්‍රශ්නයක් වුණා.මම අත හැරියේ නැහැ.මම ගත්තේ එකම තුරුම්පුව රාජ්‍ය පරිපාලන චක්‍ර ලේකයේ කියලා තිබෙනවා හැම රාජකාරී දිනයකම උදේ 8.30ට වැඩ කරන්න පටන් ගන්න කලින් ජාතික ගීය අභිමානයෙන් යුක්තව ගයන්න ඕනේ.මිත්‍රවරුනි අපි ජාතික ගීය කියන්නේ නැහැ.තේ බිබී ටීවී බලබල පඩිපෙළේ ඇවිදින ගමන් ගෞරවයෙන් අභිමානයෙන් ශබ්ද නගන ගමන් අපි ඒක කියනවා හදවතින්ම.අභිමානය විතරයි තියෙන්නේ.තමන්ට අභිමානය ගොඩනගා ගන්න බැරි එකා රටට කොහොමද අභිමානය ගේන්නේ.