Gossips

තමන්ට අතවර කළ පුද්ගලයෙකු අල්ලාගෙන ශිෂ්‍යාවක් දුන් දඬුවම

තමන්ට ලිංගික අතවර කළ පුද්ගලයෙකු අල්ලාගෙන පොලිසියට භාරදුන් ශිෂ්‍යාවක් පිළිබඳව විදෙස් මාධ්‍ය වාර්තා කර තිබෙනවා.
අදාළ සිදුවීම වාර්තා වන්නේ ඉන්දියාවේ නවදිල්ලියෙන්.
නවදිල්ලි හි එළවලු වෙළඳපොලක් තුලදී අදාළ පුද්ගලයා සමඟ තවත් පුද්ගලයෙකු තමන්ට ලිංගික අතවර කළ බවයි මෙම තරුණිය පොලිසියට පවසා ඇත්තේ.
මෙලෙස නිර්භීතව පිරිමින් දෙදෙනෙකුට එරෙහිව නැගී සිටි ශිෂ්‍යාවගේ වයස අවුරුදු 21 ක් බවයි විදෙස් මාධ්‍ය වාර්තා කර ඇත්තේ.
පසුගිය දිනක තමන් එළවළු වෙළඳපොළ තුලදී රික්ෂෝවක ගමන්කළ බවත් එහි පිරිමි පුද්ගලයන් තිදෙනෙකු සිටි බවත් ඇය ප්‍රකාශ කර තිබෙනවා.
කෙසේ වෙතත් එක් පුද්ගලයකුගෙන් තමන්ට හානියක් සිදු නොවූ බවත් ඉන් පුද්ගලයන් දෙදෙනෙකු විසින් තමන්ට ලිංගික හිරිහැර සිදුකළ බවත් ඇය ප්‍රකාශ කර ඇති බවයි වාර්තා වන්නේ.
මුලින් තමන් එම පුද්ගලයන් වළක්වාලීමට උත්සහ කළද එය ව්‍යර්ථ වූ බවයි ඇය සඳහන් කරන්නේ.
දිගින් දිගටම එම පුද්ගලයන් තම රහස් අවයව ස්පර්ශ කරමින් පහත් ලෙස ලිංගිකව තමන් අපයෝජනය කළ බවයි ඇය පවසන්නේ.
මේ අතර ඇය වැඩිදුරටත් සඳහන් කරන්නේ තමන් මීට පෙර අවස්ථා කිහිපයකදීම මෙලෙස මහමගදී අතවරයට ලක්වූ බවයි.
කෙසේ වෙතත් මෙම අවස්ථාවේ තමන්ට ඉවසා සිටිය නොහැකි වූ බවයි ඇය සඳහන් කරන්නේ.
ඒ අනුව් තමන් එම පුද්ගලයන් තනිවම හෝ අල්ලාගෙන පොලිසියට භාරදීමට තීරණය කර මෙලෙස සිදුකළ බවයි එම සිසුවිය එරට මාධ්‍ය වෙත ප්‍රකාශ කර ඇත්තේ.
ඇයට සැකකරු අල්ලාගැනීමට වෙළඳපොලේ සිටි කිහිපදෙනෙකු පසුව උදව් කර ඇති අතර අනතුරුව ඒ පිළිබඳව පොලිස් හදිසි ඇමතුම් අංකයට දුරකථන ඇමතුමක් ලබාදී තිබෙනවා.
කෙසේ වෙතත් එම ස්ථානයට පොලිසිය පැමිණීමට ප්‍රථමයෙන් රථවාහන අංශයේ පොලිස් නිලධාරියෙකු පැමිණ සැකකරු අත්අඩංගුවට ගෙන තිබෙනවා.
මේ අතර සැකකරුවන් දෙදෙනාම පොලිස් අත්අඩංගුවට ගැනීමෙන් අනතුරුව මෙම සිසුවිය ප්‍රකාශ කර ඇත්තේ තමන්ට මෙම පුද්ගලයන්ට දඬුවම් කිරීමට අවශ්‍යතාවක් නොමැති බවයි.
එහිදී ඇය සඳහන් කර ඇත්තේ ඔවුන් සමාව ගැනීම ප්‍රමාණවත් බවත් මින් ඉදිරියට එවැනි වැරදි සිදු නොවියයුතු බවත් ය.