Gossips

තබ්බෝව ජලාශයේ වාන් දොරටු හතරක් විවෘත කරයි

පුත්තලම – තබ්බෝව ජලාශයේ වාන් දොරටු 4ක් අඩිය බැගින් විවෘත කර ඇති බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පවසනවා.
ඒ හේතුවෙන් ජලාශය පහළ කොටසේ ජීවත් වන ජනතාව ඒ පිළිබදව සැලකිලිමත් වන ලෙසයි එම මධ්‍යස්ථානය ඉල්ලා සිටියේ.
මේ අතර, ගම්පහ – නව මිනුවන්ගොඩ මාර්ගයේ වයි හන්දිය අසළ පාලම ආසන්නයේ ජලයෙන් යට වූ ප්‍රදේශයක ගමන් කරමින් සිටි පුද්ගලයෙකු සැඬ පහරට හසුව ගසාගෙන ගොස් අතුරුදන් වී තිබෙනවා.
ගම්පහ පොලීසිය සඳහන් කළේ ඊයේ පස්වරුවේ අතුරුදන් වූ මෙම පුද්ගලයා සොයා නාවික හමුදාව මෙහෙයුම් ආරම්භ කර ඇති බවයි.