ක්රිකට් පිටියේ අරුම පුදුම සිදුවීම් අතරට එක්වූ තවත් සුවිශේෂී සිදුවීමක් වෙත මේ වෙනකොට ලෝකෙම අවධානය යොමුවෙලා.
ඒ Big Bash League තරඟාවලියේ ඊයේ පැවති Melbourne Renegades සහ Perth Scorchers අතර තරඟයේදීයි මෙම සිදුවීම වන්නේ.
නිරන්තරයෙන් ක්රිකට් පිටියේ දැකගන්නට නොලැබෙන අමුතු හයේ පහරක් ගැන තමයි මේ කතාව ලියවෙන්නේ.
පන්දුව එල්ලකරන්නේ Melbourne Renegades කණ්ඩායමේ Daniel Christian විසින්.
එම පන්දුවට මුහුණදෙමින් මෙම අපූරු පහර එල්ලකරන්නේ Perth Scorchers හි 25 හැවිරිදි Ashton Turner විසින්.
ඔහු එහිදී එල්ලකරන පහරෙන් පන්දුව තනි කෙලින් ඉහලට ඇදී යන අතර එය එම ක්රීඩාංගණයේ වහලයේ ගැටී නැවතත් පොළොවට පතිත වනවා.
කෙසේ වෙතත් එය හතරේ සීමාව පසු නොකරත් හයේ පහරක් හැටියටයි විනිසුරුවන් නම් කරන්නේ.
එයට හේතුව වන්නේ ඊයේ තරඟය පැවති Melbourne ක්රීඩාංගණයේ ක්රිකට් පිටියට ඉහළින් ඇති වහළයේ එය ගැටීමයි.
බොහෝදෙනෙකුගේ අවධානය යොමුවූ එම අවස්ථාව පහතින්.
මෙම තරඟයේ ප්රථමයෙන් පන්දුවට පහරදුන් Perth Scorchers කණ්ඩායම පන්දුවාර 19 කදී සියලුදෙනා දැවී ලකුණු 103 ක් රැස්කරගන්නවා.
පිළිතුරු ඉනිම ක්රීඩා කළ Melbourne Renegades කණ්ඩායම පන්දුවාර 15 යි පන්දු 2 කදී කඩුලු 6 ක් දැවී ලකුණු 107 ක් රැස්කරගනිමින් තරඟයේ ජය හිමිකරගත්තා.
තරඟයේ වීරයා Usman Shinwari.