ශ්‍රී ලංකා නිදහස් පක්ෂය, ඒකාබද්ධ විපක්ෂය සමඟ එක්ව ආණ්ඩුවක් පිහිටුවීමට කටයුතු කරන්නේ නම්, ඊට පෙර ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ පිරිසක් සමඟ එක්ව එක්සත් ජාතික පක්ෂය තනි ආණ්ඩුවක් පිහිටු වන බව එම පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී තුෂාර ඉදුනිල් පවසනවා.
සිරිකොත පක්ෂ මූලස්ථානයේ අද පැවැති මාධ්‍ය හමුවට එක්වෙමින් ඔහු මේ බව සඳහන් කළා.
