එක්සත් ජාතික පක්ෂයේ කෘත්‍යාධිකාරී මණ්ඩල රැස්වීමක් සිරිකොත පක්ෂ මූලස්ථානයේදී අද පැවැත්වුණා.
ඒ පක්ෂ නායක අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහගේ ප්‍රධානත්වයෙන්.
පෙරවරු 9 ට ආරම්භ වූ මෙම රැස්වීම පැය එකහමාරක කාලයක් පැවැත්වුණු අතර, පක්ෂයේ තනතුරු වෙනස් කිරීමෙන් පසු පැවති පළමු කෘත්‍යාධිකාරී මණ්ඩල රැස්වීමද මෙය වනවා.
රුවන් විජේවර්ධන කමිටු වාර්තාවට අනුව පක්ෂයේ සිදුවිය යුතු ප්‍රතිසංවිධාන පිළිබඳ මෙහිදී සාකච්ඡා වී තිබෙනවා.
එසේම පක්ෂයේ බිම් මට්ටමේ සිදුවිය යුතු ප්‍රතිසංවිධානයන් පිළිබඳව සති දෙකක් ඇතුළත වාර්තාවක් ලබාදෙන ලෙසයි අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ එක්සත් ජාතික පක්ෂයේ මහ ලේකම්වරයාට සහ ජාතික සංවිධායකවරයාට දැනුම් දී ඇත්තේ.
එසේම ලබාදීමට නියමිත ධීවර සහනාධාරය පිළිබඳව ද කෘත්‍යාධිකාරී මණ්ඩලයේදී සාකච්ඡාවට ලක්වී තිබෙනවා.
