එක්සත් ජාතික පක්ෂ පූර්ණ ප්‍රතිසංවිධානය සඳහා පත් කෙරුණු දේශපාලන මණ්ඩලය දෙවන වරට අද යළි රැස්වීමට නියමිතයි.
ඒ අනුව පක්ෂයේ තනතුරු වෙනස් කිරීම සම්බන්ධයෙන් අද තීරණයක් ගෙන එය මැයි මස 6 වනදා කොළඹ සුගතදාස ගෘහස්ථ ක්‍රීඩාංගණයේ පැවැත්වෙන මැයි රැළියේදී දැනුම්දීමට නියමිත බවයි වාර්තාවන්නේ.
නියෝජ්‍ය අමාත්‍ය ජේ.සී. අලවතුවල ප්‍රකාශ කළේ අද පස්වරු 3 ට අරලියගහ මන්දිරයේදී මෙම හමුව පැවැත්වෙන බවයි.
