Gossips

තද සුළඟකින් නිවාස 11 කට හානි (ඡායාරූප)

ඊයේ රාත්‍රී පැවති දැඩි වර්ෂාව සමග ඇතිවූ සුළං තත්වයකින් තලාව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයේ නිවාස 11 කට පමණ දැඩි අලාභ හානි සිදුව තිබෙනවා.
කාන්තාවන් දෙදෙනෙකු ද සුලු තුවාල ලබා ඇති බවයි අප වාර්තාකරු සඳහන්.
රොටවැව, රත්මල්වැටිය සහ සියඹලාගස්වැව යන ගම්මානවලටයි මෙම සුළඟින් දැඩි බලපෑම් එල්ලවී ඇත්තේ.
අලාභ හානි සිදුවූ නිවාසවල වහල සෙවිලි කර තිබු ෂීට් ගැලවී ගොස් ඇති අතර නිවෙස් තුල තිබු ගෘහ භාණ්ඩ රැසකට ද හානි සිදුවී තිබෙනවා.
ගස් කඩා වැටීම හේතුවෙන් විදුලිය ද ඇණහිට තිබී ඇති අතර ගමනාගමනයට ද බාධා එල්ලවු බව සඳහන්.

ඡායාරූප – එප්පාවල තිසර සමල්