Gossips

තද සුළඟකින් අම්පාරේ නිවාස 150 කට හානි (ඡායාරූප)

අධික වර්ෂාවත් සමඟ ඊයේ පස්වරුවේ හමාගිය තද සුළඟකින් අම්පාර දිස්ත්‍රික්කයේ – උහන, සයින්දමරුදු ඇතුලූ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශ 6 ක නිවාස 150 කට අධික සංඛ්‍යාවකට හානි සිදුව තිබෙනවා.
ගස් කඩාවැටීම් නිසා මාර්ග අවහිරතාද පවතින අතර, ගම්මාන රැසක විදුලියද විසන්ධි වී ඇති බවයි හිරු වාර්තාකරු සඳහන් කළේ.
කෙසේ වෙතත් පොලීසිය සහ සිවිල් ආරක්ෂක බලකායේ සහය මත පවතින බාධා ඉවත් කිරීමේ කටයුතු මේ වනවිට ආරම්භ කර ඇති බව අම්පාර දිස්ත්‍රික් ලේකම් තුසිත පී. වනිගසිංහ ප්‍රකාශ කළා.

ඡායාරූප – අම්පාර, වසන්ත චන්ද්‍රපාල