Gossips

තණමල්විල වෙඩි තැබීමක් – ඝාතන චෝදනා ඇති පුද්ගලයෙකු මරුට

තණමල්විල නගරයේදී අද දහවල් සිදුවූ වෙඩි තැබීමකින් පුද්ගල ඝාතනයකට චෝදනා එල්ල වූ පුද්ගලයෙකු ජීවිතක්ෂයට පත්වී තවත් අයෙකු තුවාල ලබා රෝහල් ගත කර තිබෙනවා.
පොලීසිය සඳහන් කළේ යතුරුපැදි දෙකකින් පැමිණි පුද්ගලයින් 4 දෙනෙකු මෙම වෙඩි තැබීම සිදුකර පලා ගොස් ඇති බවයි.
වෙඩි වැදීමෙන් මිය ගොස් ඇත්තේ තණමල්විල – ගාමිණීපුර ප්‍රදේශයේ පදිංචි 42 හැවිරිදි සුදුහකුරුගේ සුමිත් හෙවත් වසන්ත නමැති පුද්ගලයෙක්.
ඔහු මීට මාස 4කට පෙර සිදුවූ පුද්ගල ඝාතනයකට ද චෝදනා එල්ල වූ අයෙක්.
තුවාල ලැබූ අනෙක් පුද්ගලයා තණමල්විල රෝහලට ඇතුළත් කිරීමෙන් අනතුරුව වැඩිදුර ප්‍රතිකාර සඳහා හම්බන්තොට මහරෝහලට මාරු කර යවා ඇති අතර, ඔහුගේ තත්තවය බරපතල නොවන බවයි රෝහල් ප්‍රකාශයෙකු සඳහන් කළේ.
මොහු 22 හැවිරිදි තණමල්විල ප්‍රදේශයේ පදිංචිකරුවෙක්.