Gossips

තණමල්විල දී විනාශ කෙරුණු ගංජා හේන

තණමල්විල, බටවැව ප්‍රදේශයේ වගා කර තිබු ගංජා හේනක් වැටලීමට ඌව පාළාත් විෂ මත්ද්‍රව්‍ය වැටලිම් ඒකකයේ නිලධාරීන් ඊයේ (13) සමත්ව තිබෙනවා.
අඩි 03ක් පමණ උසට වර්ධනය වූ ගංජා පැල 4500ක් පමණ මෙම හේනේ වගාකර තිබූ බවයි අප වාර්තාකරු පැවසුවේ.
වැටලීම සිදුකරන්න අවස්ථාවේ සැකකරුවන් එහි නොසිටි අතර සැකකරුවන් සොයා විමර්ශන ආරම්භ කර ඇති බවයි වාර්තා වන්නේ.
එම ගංජා පැල ගිනි තබා විනාශ කිරීමට පියවර ගැනුණා.