Gossips

තණමල්විලදී ව්‍යාපාරිකයෙකු තියුණු ආයුධ වලින් පහරදී ඝාතනය කරයි (ඡායාරූප)

තණමල්විල කල්තොට බෝදාගම ප්‍රධාන මාර්ගයේ දන්ගස්ආර ප්‍රදේශයේදී යතුරුපැදියකින් ගමන් කරමින් සිටි පුද්ගලයෙකු කිසියම් පිරිසක් විසින් තියුණු ආයුධ වලින් පහරදී ඝාතනය කර ඇතිබව තණමල්විල පොලිසිය පවසනවා.
ඊයේ (09) සවස මෙලෙස ඝාතනය කර ඇත්තේ කිරිවැව,නුගේගලයාය,සෙවනගල පදිංචි 40 හැවිරිදි දෙදරු පියෙක්.
මිය ගිය පුද්ගලයා පුද්ගලික ව්‍යාපාරයකට අමතරව සෙවනගල තණමල්විල හම්බෙගමුව ඇතුළු ප්‍රදේශ රැසකම මුදල් පොලියට ලබා දෙන අයෙකු බවයි පොලිසිය පවසන්නේ.
මෙම ඝාතනයට හේතුව මෙතෙක් අනාවරණය වී නැහැ.
ඝාතනය සිදුකල සැකරුවන් සොයා තණමල්විල පොලීසිය වැඩිදුර විමර්ශන සිදුකරනවා.

( ඡායාරූප – සුරියවැව නුවන් ජයසේකර )