Gossips

තණමල්විලදී ත්‍රිරෝද රථයක තුල පුද්ගලයෙකු පිලිස්සී මියයාම සිද්ධියට 3 දෙනෙකු අත්අඩංගුවට

තණමල්විල – කොමලිගම ප්‍රදේශයේදී පුද්ගලයෙකු ත්‍රිරෝද රථය සමඟ ගිනි තබා ඝාතනය කිරීමේ සිද්ධියට සම්බන්ධ සැකකරුවන් තුන්දෙනෙකු තණමල්විල පොලීසිය අත්අඩංගුවට ගෙන තිබෙනවා.
මෙම ඝාතනය ඉඩම් ආරවුලක් මත සිදුකළ බවයි සැකකරුවන් පොලීසියට පාපොච්චාරණය කර ඇත්තේ.
එක් සැකකරුවෙකු පෙරේදා දිනයේදී පොලීසියට භාර වී ඇති අතර අනෙක් දෙදෙනා අත්අඩංගුවට ගනු ලැබුවේ ඊයේ දිනයේදියි.
පසුගිය පෙබරවාරි මස 27 වනදා මෙලෙස ඝාතනයට ලක්වූයේ 52 හැවිරිදි තණමල්විල ගගේයාය ප්‍රදේශයේ පදිංචි පුද්ගලයෙක්.