Gossips

තණමල්විලට හඳුනා නොගත් සළඹ උවදුරක්

හඳුනා නොගත් සළඹයෙකු හේතුවෙන් තණමල්විල ප්‍රදේශ කිහිපයක ජනතාව දැඩි පීඩාවට පත්ව තිබෙනවා.
ඔවුන් පෙන්වා දෙන්නේ අදාළ සළඹයා ශරීරයේ ස්පර්ශ වූ විට ආසාත්මික තත්ත්වයක් ඇති වන බවයි.
රාත්‍රී කාලයේදී බහුල වශයෙන් ප්‍රදේශයේ සැරිසරන එම සත්වයා විදුලි ආලෝකයට ආකර්ශනය වන බවයි ප්‍රදේශයේ ජනතාව පෙන්වා දෙන්නේ.
මේ හේතුවෙන් ප්‍රදේශයේ කුඩා ළමයින් ද ආසාත්මිකතාවට ප්‍රතිකාර ලබාගෙන ඇති බව සඳහන්.
මේ සම්බන්ධයෙන් අප මොණරාගල දිස්ත්‍රික් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ වෛද්‍ය පාලිත අධිකාරිගෙන් විමසීමක් කළ අතර, ඔහු කියා සිටියේ අදාළ සත්ත්වයා පරීක්ෂණ කටයුතු සඳහා කොළඹ විශ්වවිද්‍යාලයට සහ කොළඹ වෛද්‍ය පර්යේෂණ ඒකකයට යොමු කර ඇති බවයි.
එම වාර්තා ලැබීමෙන් අනතුරුව ඉදිරි කටයුතු සිදුකිරීමට නියමිත බව ද ඔහු ප්‍රකාශ කළා.